Sri Dalada Maligawa

Sri Dalada Maligawa

Translate

Sri Dalada Maligawa (Temple of Sacred Tooth Relic).)


සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කිරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිත්‍රත්වය වඩාත් අසිරිමත් කරවයි.

පැරණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක පමණ උසින් පිහිටියේය. කොළඹ සිට කි.මී. 119 ක් පමණ දුරය. සෞම්‍ය දේශගුණයෙන් හා රමණීය පරිසරයකින් හෙබි මෙම නගරය කෘෂිකාර්මික ජීවිතයට අවශ්‍ය ජලයෙන් ද ස්වභාවික රැකවරණයෙන්ද යුක්තය.

සෙංකඩගලපුරය මුලින්ම ගම්පළ රජ කළ තුන්වෙනි වික්‍රමබාහු (ක්‍රි.ව.1357-1374) රජු විසින් පිහටවුවායැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවෙනි විමලධර්මසුරිය (ක්‍රි.ව. 1592-1604) රජතුමා විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798 – 1815) රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදා විය.

මහනුවර නගරයේ පුජනීයත්වය ශ්‍රී විභුතිය හා ඓතිහාසිකත්වය මුලු ලොවටම කියාපාන අතිපුජනීය ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, නාථ, විෂ්ණු. කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල, රාජ මාලිගා සංකීර්ණය වැනි ස්මාරක මුල්කොට ලෝක උරුම නගරයක් බවට පත්විය. මහනුවර නගරය අවට ඇති අනෙකුත් ඓතිහාසික ස්මාරක අතර, ලංකාතිලකය, ගඩලාදෙණිය, ගංගාරාමය, සුදුහුම්පොල, දෙගල්දොරුව හා කුණ්ඩසාලේ යන විහාරයන් මුල්තැන් ගනී.

උඩරටටම ආවේණික වු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනුන වු ඉපැරණි ගොඩනැගිලි, විසිතුරු කැටයම්, සිතුවම් නර්තනාදී කලා ශිල්ප මෙම නගරයේ සංස්කෘතික මහාර්ඝත්වය ලොවටම කියා පාන්නේය.




Kandy (Ancient Senkadagala) is the last capital of the Sinhala Monarchy the History of which goes back to at least five centuries before the beginning of the Common Era. The city is surrounded by a ring of mountain ranges and Sri Lanka’s largest river Mahaweli Ganga.Kandy enjoys a salubrious climate and still breathes the ancient lifestyle of the people.

Today, Kandy is a city of many attractions. Its natural beauty with misty mountains, verdant slopes, landscapes with urban rain forests consorted by a congenial climate with temperatures ranging from 20-25C around the year.

The heritage of Kandy, Architecture, Sculpture, painting, Dance and Music, all such cultural traditions are endemic to Sri Lanka.Kandy remains the home for all denominations of major world religions. Buddhism, Hinduism, Christianity, Islam and there subdivisions. Buddhism plays a significant role in Kandy with the two main Monastic orders, Malwatte and Asgiriya fraternities together with numerous temples of the Country attached to them.

The Temple of the Scared Tooth Relic constitutes the premier Buddhist Institution of Sri Lanka and remains the cynosure of the world Buddhist and is a great tourist attraction. It is the highest venerated religious center with a very long cultural heritage. And recognition of the sacred temple it has been declared Kandy as a World Heritage City by UNESCO.

The annual pageant (Esala Perahera) constitutes the greatest religious festival of Sri Lanka which attract thousands of pilgrims as well as tourists from all over the world. The web site on the Sri Dalada maligawa attempts to introduce all its aspects of history, rituals, cultural and other social activities


Wednesday, November 25, 2015

ශ්‍රී දළදා මාලිගාව 3D ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කරයි

ශ්‍රී දළදා මාලිගාව 3D ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කරයි 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇති ඉපැරණි පෞරාණික ගොඩනැගිලි නවීන 3D ඩිජිටල්  තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීම 2015 නොවැම්බර් මස ආරම්භ කෙරෙණි.  
ඒ සඳහා වන තාක්ෂණික සහයෝගය ලබාදීමේ නිල නිවේදනය ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය මොහාර්ඩ් මැතිතුමා විසින් පසුගිය සිකුරාදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී වත්මන් දියවඩන නිලමේධුරන්ධර ගරු නිලංග දැල මහතා වෙත බාර දෙනු ලැබුණි.
3D ඩිජිටල්  තාක්ෂණය අද බහුල ලෙස කුඩා උපකරණ ආදිය සැලසුම් කිරීමට හා නිපදවීමට භාවිත කලද මෙවන් විශාල ගොඩනැගිලි එමගින් සංරක්ෂණය කිරීම ලොව මැතක ආරම්භ කල කාර්යක් වේ. මෙම ක්‍රියාව දකුණු ආසියාවේ පළමු ගොඩනැගිලි ස්කන් කිරීම වන අතර ඉපැරණි ගොඩනැගිලි සංස්කරණය කිරීමේ අරමුණින් සිදු කරනුලබන ලොව විශාලතම ව්‍යාපෘතිය ද වේ.  
එමගින් ගොඩනැගිල්ලේ පිහිටීම පවතින ආකාරයෙන්ම සැම ස්ථානයක්ම .05mm නිරවද්‍ය තාවයකින්  යුතුව ඩිජිටල් වලාවක් (digital cloud) ලෙස සංරක්ෂණය වේ. එමගින් යම් ගොඩනැගිල්ලකට හෝ කොටසකට  අනතුරක් සිදුවූ අවස්තාවකදී හානිවූ කොටස් නැවත තිබු පරිදිම සකස් කරගැනීමට අවශ්‍ය දත්ත මෙමගින් ලබාගත හැක.
තවද ඉපැරණි ගොඩනැගිලි වල ඇසට නොපෙනෙන සියුම් ස්වභාවිකව සිදුවන වෙනස්වීම්, බිත්ති ඇදවීම්, ගිලබසීම් ආදිය වසර කිහිපයකට වරක් කරනු ලබන මෙවැනි 3D ඩිජිටල්  ස්කෑන් සංසන්ධනය කිරීම මගින් අනාවරණය කරගත හැක. එවිට ඒ සඳහා වන ප්‍රතිකර්ම බරපතල තත්වයක් ඇතිවීමට පෙර කලහැක.
මේ පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේදී වත්මන් දියවඩන නිලමේධුරන්ධර ගරු නිලංග දැල මහතා පැවසුයේ තමාවිසින් දීර්ඝ කාලින සැලසුමක් යටතේ පසුගිය වසරක පමණ කාලයක සිට සැලසුම් කර සිදුකරනු ලබන මෙම ඩිජිටල් සංරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලැබීම පිලිබඳ සතුටු වන බවයි, 1998 සිදුවූ LTTE පහරදීමේන් පසු සිදුකල ප්‍රති සංස්කරණ වලදී සිදුවූ විශාලතම ප්‍රශ්නය වුයේ කලින් පැවති තත්වය පිලිබඳ දත්ත නොතීබීම බවත්, එබැවින් වසර සිය ගණනක් ලොකවාසී බෞද්ධ ජනතාවගේත්, ශ්‍රීලාංකික අනන්‍යතවයේත් ප්‍රතිමුර්තියක් වන්  ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව තවත් වසර සිය ගණනක් නවීන තාක්ෂණය ඔස්සේ සංරක්ෂණය කිරීමට ලැබීම භාගයක් ලෙස සලකන බවත්ය.

Tuesday, October 20, 2015

මහනුවර ‍ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මොහාන් පාණබොක්කේ මහාතාඅභාවප්‍රාප්ත විය.

මහනුවර ‍ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මොහාන් පාණබොක්කේ මහාතාඅභාවප්‍රාප්ත විය.
-------------------------------------------------------------------------------------------------------------------------------
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය සාර්ථකව පැවැත්වීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සුවිශේෂී දායකත්වයක් දැක්වූ මහනුවර ‍ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ ධූරය හෙබවූ මොහාන් පාණබොක්කේ මහාතා ඊයේ (20) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
ලංකාතිලක ‍ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වයට පත්වෙමින් කන්ද උඩරට ආගමික ප්‍රබෝධය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ එතුමන් වසර 17 ක් පමණ කාළයක්මහනුවර ‍ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ ධුරයේ කටයුතු සිදු කළහ.
වාර්ෂික ඇසල මහා පෙරහරේ සුවිශේෂිම කාර්ය ඉටුකරන මහනුවර ‍ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ ධූරය දරමින් ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ උදෙසා හා බෞද්ධාගමික උන්නතිය උදෙසා උනුපමේය සේවයක් කළ ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 60වන වියේ පසුවිය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ඔහු මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන පරම්පරා දෙකක් වන බණ්ඩාරනායක හා රත්වත්තේ යන පරම්පරාවන් හී සමීපතම ඥාතියෙකි.
නැසීගිය ජොන් අටුල් පානබොක්කේ මැතිතුමා හා ලලනාවතී පානබොක්කේ මැතිණිය යන දෙපල ඒ මහතාගේ දෙමව්පියන් වූහ.
මහනුවර පී.බී.ඒ වීරකෝන් උද්‍යානයේ පිහිටි ඒ මහතාගේ නිවසේ අවසන් ගෞරව සඳහා දේහය තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (21) පස්වරු 6.ට සිදු කිරීමට නියමිතව ඇත.
News Update | Media Bureau ©2015/10


Monday, September 14, 2015

ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිළමේ සංෂිප්ත රෑපෙළහර - Diyawadana Nilame Pradeep Dela Documentary

ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිළමේ සංෂිප්ත රෑපෙළහර - Diyawadana Nilame Pradeep Dela Documentary
Click Here To Watch - නරඔන්න ‍මෙතනින් >> https://goo.gl/gRFWPS

Tuesday, September 8, 2015

දෙවන වරටත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා..

දෙවන වරටත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා..
ප්‍රදීප් නිලංග දෑල නිළමේවර සංක්ෂිප්ත සටහන.
-----------------------------------------------------------------------------------------------------------------------------------
පන්සාලිස් වසක් පුරා ශ්‍රී සද්ධර්මයේ පහස ලත්බුදුරදුන්ගේ වාම රදනක ශ්‍රී දංෂ්ඨාධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වූයේ ත්‍රීසිංහල ජනයාගේ සංසාර වාසනා මහිමයකටම වන්නේය. හේමමාලා ඈ වල්ලබ දන්ත කුමරුවන් ද එවකට ලක්දිව භූපති වූ කිත්සිරිමෙවන් රජ දවස මෙකී සුදුර්ලබ පරම නිධානය මේ ලක් දෙරණට වැඩමවාගෙන එන ලද්දාහ.එතැන්පටන් දළදා වහන්සේට රාජකීයන්ගේ සිට සාධුජනයාගේ ද වන්දනාමාන පුද සත්කාරයන් හිමිවිය.
1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු අති පූජනීය දළදා වහන්සේගේත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කො‍ටගත් මාළිගා අංගයන්ගේත් ප්‍රධාන ගිහි භාරකාර ධූරයහිමිකර වූයේ දියවඩන නිළමේවරයාටය. චිරාත් කාළයක් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ලද පූජා සත්කාරයක් ඉටුකරලමින් දළදා වහන්සේට අප්‍රමාණ වූ ගෞරවයක් දක්වමින්, ආරක්ෂා කරමින් සෑම දියවඩන නිළමේ වරයෙක්ම තම යුතුකම්කොටස ඉටුකරන ලදී.
දියවඩන නිළමේවරයෙකු පත් වන්නේ නිළවරණයකිනි. 2005 වසරේ පැවති නිළවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ඉදිරිපත් වන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම යුගයක සුදුසු පසුබිමද සමඟිනි. එනම්, 1999 වසරේ දී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ වරයා වශයෙන් ද, 2001 වසරේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා වශයෙන් ද පත් වීමත්ය.
එකම කාල සීමාවන් දෙකක ප්‍රධාන දේවාලයන් දෙකෙහි බස්නායක නිළමේවරයා වශයෙන් කටයුතුකළ ප්‍රතම අවස්ථාව ද මෙය වීම සුවිශේෂී කරුණකී. මහනුවර ඇසළ මහ පෙරහර මංගල්ලයට පමණක් දෙවෙනි වන රුහුණු කතරගම දේවාලයේ හා සබරගමු මහ සමන් දේවාලයන්හි පෙරහර මංගල්ලයන් ද පැවැත් වූ බස්නායක නිළමේවරයෙකු වශයෙන් ඒ මහතා ලබා ගත් අත්දැකීම් අපමණය.
මෙලෙස ලද අත්දැකීම් සමඟින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 19වන දියවඩන නිළමේවරයා වශයෙන් වර්ෂ 2005 ජූලි මස 21වන දා පදවිප්‍රාප්ත වන්නේ ඒ නිසාවෙනි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා වශයෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අරුත් ගන්වමින් එහි වගකීම් හා යුතුකම් මනාව අවබෝධ කරගනිමින්, දැවැන්ත කාර්ය්‍යභාරයක් කල ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිළමේ වරයා, ගෙවුන දශකයක කාලය පුරාවට සිදුකල මෙහෙය අපමණය. විටෙක එල්ල වූ විවේචන හමුවේ නිහඬව, උපේක්ෂාසහගතව ඉවසීමෙන් තම රාජකාරිය ඉටුකල අයුරු බොහොදෙනෙක් හොඳින් හඳුනන කරුණකී.
මේ, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා වීමට නැවතත් භාග්‍ය ලද ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් පිළිබඳ අප තබන සංක්ෂිප්ත සටහනකි..
-----------------------------------------------------------------------------------------------------------------------------------
රත්නපුර දිස්ත්‍රික්කයේ "දෑල" නම් සුන්දර ගම්මානයේ දී ඩික්සන් සරත්චන්ද්‍ර දෑල මැතිතුමාට හා එම මැතිණියට දාව වර්ෂ 1973 ඔක්තෝබර් 28 වන දින ගොඩැල්ල වලව්වේ දී පිංවත් දරුවෙක් ව මෙලොව එළිය දුටු වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑල නම් වූ ඒ පිංවත් දරුවා පසු කාලයක ලංකාවේත්, ලංකාවෙන් පිටතත් හුදී ජනයාගේ ගෞරව ප්‍රසාදයට පත්වන සාධු චරිතයක් වී චිරප්‍රසිද්ධියට පත් විය.
එතුමන්ගේ මෑණියන්වන සිසාර දෑල මැතිණිය දිගුකලක් ගුරුවරියක් ලෙස සේවයකොට විශ්‍රාම ලැබීමෙන් පසු පැවිදි දිවියට එළඹ පැලවත්ත අශෝකා භාවනා අසපුවේ අද වැඩ වසයි.
ප්‍රදීප් නිලංග දෑල කුඩා කල පටන් ගමේ පන්සල ඇසුරු කරගනිමින් දැහැමි පරිසයක හැදී වැඩුනහ. ළමා කාලයේ දුටු එම චරිතාංග අද්‍යතනයේ දස දහස් ගුණයෙන් මුහුකුරාගොස් පවතින බව සැබෑවක්මය.
ගරුතර මහා සංඝයා කෙරෙහි දක්වන අසීමිත භක්තිය මුළු රටේම ගිහි බෞද්ධ නායකත්වයට එතුමා පත්වන්නට ඇති වාසනා මහිමය ලෙස අපට සිතිය හැක.
කුඩා කලපටන් අලි ඇතුනට දැක්වූ ආදරය ඔහු අද ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ සභාපති වශයෙන් සමස්ථ සද්දන්ත පරපුරම ආරක්ෂා කර ගැනීමේ කාර්ය්‍යට ඇප කැපවී සිටියි.
වර්ෂ 1978 දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුලත්ව මූලික අධ්‍යපනය හදාරන ඔහු, සිය උසස් අධ්‍යාපනය සඳහා 1980 වසරේ දී කොළඹ නාලන්දා විදුහලට ඇතුලත් වනවා.1992 දී නාලන්දාවේ කීර්තිමත්ම ශිෂ්‍යාට හිමි සම්මානය ද හිමිකර ගත් ඔහු නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා වශයෙන් ද කටයුතු කර ඇත. පාසලේ වාණිජ සංගමය, සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසකට ද ඔහු නායකත්වය ලබා දෙනු ලැබීය.
උඩරට - පහතරට හා සබරගමු නර්ථනයන්ට බෙහෙවින් ඇලුම් කළ එතුමන්, සමස්ථ ලංකා නර්ථන ශූරතාවන්ගේ සිට බොහෝ ජයග්‍රහණ පාසල් මාතාවට තිළිණ කරදීමට හැකි විය. උසස්පෙළ සමත්ව සබරගමු සරසවියට පිවිසිය ද එදා රටේ පැවති සිසු භීෂණකාරී වටපිටාව හේතුවෙන් සරසවි ගමන අතරමඟ නතරකර දමා සිය පියාණන් සමඟ ව්‍යාපාර කටයුතුවල නිරත විය. ‍
එහිදී තරුණ සමාජ සේවකයෙකු ලෙස දෑල මැති තුමාගේ යශෝරාවය රත්නපුර ප්‍රදේශයේ කීර්ථිමත් චරිතයක් පරිද්දෙන් විසිර පැතිර යන්නට විය. අද එතුමා සිටින සම්භාවනීයත්වය දෙස බලන කල එදා සිදුවුන සිදුවීම් දෛවෝපගත සංසිද්ධියක් ලෙස සැළකිය හැක.
නාලන්දා විදුහලේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සිසුන් ඇත්තේ අතලොස්සකී. සිසුවෙකු වශයෙන් විදුහල වෙනුවෙන් දෑල මැතිතුමා සිදුකළ මෙහෙවරත්, එයින් මතු විදුහලින් බිහි වූ ආදි සිසුවෙකු වශයෙන් කීර්තිමත් බෞද්ධ නායකයෙකු වීමෙන් විදුහලට ගෙන දුන් අභිමන වෙනුවෙන් වර්ෂ 2005 දී නාලන්දා කීර්ථි ශ්‍රී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.
එසේම සියළු සේවාවන්ට කෘතවේදීත්වය පල කරනු වස් එතුමා ලැබූ ගෞරව නාමයන් රාශියකී, ශ්‍රී සද්ධර්ම ධජ මහාමාන්‍ය ලංකාපුත්‍ර, බුද්ධ ශාසනා බන්දු, රණමයුර ගෞරව ප්‍රණාමය, 2006 වසරේ දී හිමි වූ සබරගමු සරසවි අභිරම්‍යයගෞරව නාමය, තායි මහා චූලාලංකාර රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් හිමි වු සම්මාන ආචාර්ය්‍ය උපාධිය ඒ අතර වේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ වරයා වශයෙන් පත් වී ගෙවී ගිය දසවසරක කාලය පුරා එතුමන් කළ සේවය සුවිශාලය. ශ්‍රී දළදා මාළිගාවේ පූජනීයත්වය, ‍පෞරාණිකත්වය ආරක්ෂා කරමින් අද්‍යතනයට ගැලපෙන පරිද්දෙන් දෙස් විදෙස් සාධුජනයාගේ නොමද ගෞරවයට පාත්‍රවන පරිද්දෙන් සංවර්ධනය කර ඇති බව පැහැදිලිව දැකගත හැක.එමතුද නොව දුගී දුප්පත් ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය වශයෙන් සම්පත් බෙදා දෙමින් දිවයිනේ දුෂ්කර පළාත්වල වෙහෙර විහාර සංවර්ධන කර දීමට ද එතුමන් කටයුතු කර තිබේ.
ඉදිරි දස වසර කාලය ද මෙකී කර්තව්‍ය තව තවත් බල ගන්වමින් සිදු කිරීමට එතුමන්ට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ වරයා වන්නට නැවතත් භාග්‍ය ලද ප්‍රදිප් නිලංග දෑල මැතිඳුනි, උතුම් දළදා සමිඳුන්ගේ ගිහි භාර කරුවාණෙනි, අප දියවඩන නිළමේ තුමනි ඔබට චිරං ජයතු !
***


Wednesday, August 5, 2015

බුදු දහ‍මෙන් ‍බිඳක්.... වසවත් මාරය‍ා හඳුනා ගන්න


බුදු දහ‍මෙන් ‍බිඳක්.... වසවත් මාරය‍ා හඳුනා ගන්න...... දළදා වරුණ මෙතනින් කියවන්න...http://www.sridaladamaligawa.lk/monthly-buddhist-magazine.#sridaladamaligawa #daladawaruna
Posted by Dalada Waruna - දළදා වරුණ on Wednesday, August 5, 2015

Thursday, July 30, 2015

25 වසරක සංරක්ෂණ කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්ය.රාජාණන්.

25 වසරක සංරක්ෂණ  කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්‍යරාජාණන්.
වසර අටසියයකට පමණ කාලයකට පසු දෙස් විදෙස් බැතිමතුන්ගේ ද ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණ කටයුතු සිදුකර හෙට දින බැතිමතුන් උදෙසා විවෘත කරන අනුරාධපුර අභයගිරිය පිළිබද සටහනක්..
--------------------------------------------------------------------------------------------------------------------------------------------------

වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් වී මාස පහක්‌ ගතවෙත්ම, රුහුණේ 'නකුල නගර' නම් ප්‍රදේශයක විසූ 'තිස්‌ස්‌ නම් බමුණෙකු රජකුමාට විරුද්ධව කැරලි ගැසුවේය. ඒ අවධියේම දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන් සත් දෙනෙකු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය. ඒ අතුරෙන් වදාමහ නම් වූ ආක්‍රමණිකයා රජතුමාගේ ප්‍රාණ සම බිසව වූ සෝමා දේවිය ද තවකෙකු පාත්‍රා ධාතුව ද රැගෙන යළි ඉන්දියාවට ගියේය. රජතුමා දිවි බේරාගෙන මලය රටට පලා ගොස්‌ සැඟවී ඇති දුෂ්කර ජීවිතයක්‌ ගත කරමින් සේනා සංවිධානය කළේය. මේ කාලයේ දීම 'බැමිණිටියා' සාය නමින් බියකරු නියඟයකට රට ගොදුරු විය. බඩගින්නෙන් වියරු වැටුණු මිනිසුන් මෙකල මිනීමස්‌ පවා අනුභව කළ බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. මේ සියලු ව්‍යසන මැද, එකිනෙකා ඝාතනය කරමින් තුදුස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට පාලනය කළ පුලහත්ථි, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතරින් අවසානයට සිටි දාඨිය විනාශ කර වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් විය.

වළගම්බා රජතුමා සතුරන්ගෙන් බේරී පලා යන මොහොතේ එක්‌ අසපුවක සිටි 'ගිරි' නම් නිගණ්‌ඨයකු 'මහ කලු සිංහලයා පලා යයි' යනුවෙන් හඬ නගා පැවසීය. ඔහු එසේ කළේ සතුරන්ට රජු ගැන ඔත්තුවක්‌ ලබා දීම පිණිසය. මේ බස මතක තබාගත්a වළගම්බා රජතුමා, තමා රාජ්‍යත්වයට පත් වූ පසු එම ගිරි නිගණ්‌ඨයාගේ අසපුව විනාශ කර එම ස්‌ථානයේ මහා දාගැබක්‌ ඉදිකළේය. තමාගේ නමින් 'අභය' කොටසත් නිගණ්‌ඨයාගේ නමින් 'ගිරි' කොටසත් එකතු කර 'අභයගිරි' නමින් එම දාගැබ නම් කළ බව මහාවංශයේ සඳහන් වේ. එසේ වූ වෙස්‌සගිරි, මේඝගිරි මෙන්ම ෙච්තියගිරි ආදී නම්වලින් හැඳින්වෙන්නේ පර්වත ආශ්‍රයෙන් ඉදිකළ විහාර වේ. ඒ අනුව, දීගපාෂාණය නමින් ප්‍රකට විශාල පරිවත භූමිය ආශ්‍රිතව ගොඩනැඟූ විහාරය, "අභයගිරි" විය හැකි බව මහාචාර්ය කුලතුංග මහතා පෙන්වා දී තිබේ.

අභයගිරි විහාරය පිහිටා ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට උතුරෙනි. එබැවින් අභයගිරි විහාරය 'උත්තුර විහාරය, උතුපොළ විහාර' ආදී නම්වලින් ද හඳුන්වා තිබේ. එමෙන්ම වංසත්ථප්පකාසිනියෙහි සඳහන් වන්නේ, වළගම්බා රජතුමාගේ සොහොයුරා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර අවසානයේ දිවිනසා ගත්, අභය සහ උත්තර යන කුමාරුවරුන් දෙදනා සිහිවීම පිණිස ඔවුන්ගේ ඥතීන් විසින් මෙම ස්‌ථානයේ 'අග්ගිප්පවෙසික' නමින් දාගැබක්‌ සෑදූ බවයි. ගජබාහු රජතුමා මේ දාගැබ විශාල කර 'අභ්‍යත්තර' නාමය තබා තිබේ.

ශ්‍රී ලංකාවේ වෙනත් දාගැබ්වල මෙන්, අභයගිරි දාගැබේ නිදන් කළ ධාතු පිළිබඳ පැහැදිලි තොරතුරක්‌ හමු නොවේ. එහෙත් පස්‌ වැනිසියවසේ ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික µdහියන් භික්‍ෂුව, සිය දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ලකුණ මත අභයගිරි දාගැබ ඉදිකර තිබෙන බවය. පාලි මහා බෝධිවංශයේ සඳහන් වී ඇත්තේ, සිව් බුදුවරයන් වහන්සේලා, ශ්‍රී ලංකාද්වීපයට වැඩමකර, යළි දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගුණු ස්‌ථානවල පාදලාංඡන ස්‌තූප ඉදිකර තිබෙන බවය. ඒ අතරින් ගෞතම බුදුරජාණන් වහන්සේ, සිය තෙවැනි ලංකාගමනයේදී දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගී ඇත්තේ මතු ඇතිවන ශිලා ෙච්තිය නම් ස්‌ථානයෙන් බව, බෝධිවංශ ග්‍රන්ථපද විවරණයේ සඳහන් වේ. මේ ශිලා, ෙච්තිය කුමක්‌ද යන්න, දීපවංශ පාඨය ඇසුරෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දෙන්නේ 'අභයගිරි විහාරය සහ එම චෛත්‍ය අභ්‍යන්තරයෙහි පිහිටි සිලාථූපය හෙතෙම කරවීය' යනුවෙනි. මෙම විශ්වාසය තහවුරු කරන, ඉතා දුර්ලභ සිරිපතුල් ලාංඡනයක්‌, අභයගිරි දාගැබ් මළුවේ තිබී හමුවී ඇති බව මහාචාර්ය කුලතුංග පවසයි. එකී සිරිපතුල් ලාංඡනය නෙළා ඇත්තේ, සාමාන්‍යයෙන් අප නිතරම දකින, ගලෙන් ඉහළට මතුකෙරෙන උත්තලාකාර ස්‌වභාවයෙන් නොවේ. බුරුල් පසෙහි පා තැබූ විට එහි ගැඹුරට සටහන් වන පා සලකුණක්‌ ආකාරයෙනි.

අභයගිරි දාගැබ නමදින සුප්‍රකට ගාථාවේ සඳහන් වෙන්නේ, රනින් කළ වෘෂභයෙකුගේ කුසෙහි සර්වඥ ධාතු තැන්පත් කර එය, අභයගිරි දාගැබේ නිදන් කර ඇති බවය. අභයගිරි දාගැබේ මෑතකදී කළ කැණීම්වලින්, එහි නැගෙනහිර වාහල්කඩේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතු හමුවී තිබේ. මැටි කරඬුවක්‌ තුළ වූ රමණීය රන් කරඬුවක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණි. එය පොළොන්නරුවේ රජ කළ කල්‍යානවතී රැජිණගේ පූජාවක්‌ ලෙස සැලකේ.

මේ අනුව පූජනීයත්වයෙන් අනෙක්‌ දාගැබ්වලට වඩා පැහැදිලිවම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා අභයගිරි දාගැබ ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දාගැබ ද වේ. එය, පුරාණ ලෝකයේ මිනිස්‌ අතකින් ඉදිකළ ගොඩනැඟිලි අතර විශාලත්වයෙන් සතරවැනි ස්‌ථානය ගනී. ඉදිකළ අවධියේ මේ මහා දැගැබේ උස රියන් 120 ක්‌ හෙවත් අඩි 400 ක්‌ පමණ වූ බව විද්වතුන් විශ්වාස කරයි. 12 වැනි සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා කළ අවසාන ප්‍රතිසංස්‌කරණවල දී එහි උස අඩි 280 ක්‌ වී තිබේ. එක්‌ පැත්තක්‌ අඩි 585 ක්‌ දිගැති සමචතුරාශ්‍රාකාර සලපතල මළුවේ විශාලත්වය අක්‌කර අටකි. මේ අනුව ලෝකයේ දාගැබක්‌ සතු විශාලතම සලපතළ මළුව අභයගිරි දාගැබට හිමි වී තිබේ. වැලි මළුව ද සහිතව අභයගිරි චෛත්‍ය අංගණය විශාලත්වයෙන් අක්‌කර 14 ඉක්‌මවයි.

මේ ආකාරයට අසමසම වූ අභයගිරිය ඉදිකළ වළගම්බා රජතුමා, එවකට මහාවිහාරයේ වැඩ විසූ 'කුපික්‌ගල තිස්‌ස්‌ නම් භික්‍ෂුන් වහන්aසේට එය පූජා කර තිබේ. තිස්‌ස තෙරණුවෝ වූ කලී, පරසතුරන්ගෙන් සිය මාතෘ භූමිය නිදහස්‌ කර ගැනීම පිණිස තුදුස්‌ වසරක්‌ පුරා මලය රටේ වනවැදී අප්‍රමාණ දුෂ්කරතා විඳිමින් සේනා සංවිධානය කළ අවධියේ, වළගම්බා රජතුමාට මහත් සේ උපකාර කළ භික්‍ෂුන් වහන්සේ නමකි. එසේ වුව, කවර හෝ ප්‍රතිලාභයක්‌ භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් පෞද්ගලිකව ලබා ගැනීම, නිර්මල ථේරවාදී 'මහා විහාර සම්ප්‍රදායට' පටහැනි ක්‍රියාවක්‌ විය. එහි ප්‍රතිඵලය වූයේ තිස්‌ස තෙරණුවෝ "කුලසංඝට්‌ඨව වෙහෙතියි" (ගිහියන් සමඟ අනවශ්‍ය ලෙස සම්බන්ධතා පැවැත්වීම) යන චෝදනාව මත පබ්බාජනීය කර්මය සහිතව මහාවිහාරයෙන් නෙරපා හැරීමයි. මහා විහාරයේ මෙම තීරණය නොපිළිගත්, තිස්‌ස තෙරණුවන්ගේ ශිෂ්‍යයෙකු වූ 'බහලමළු තිස්‌ස්‌ හිමියෝ, ඊට විරෝධය පාමින් විශාල භික්‍ෂු පිරිසක්‌ සහිතව මහාවිහාරයෙන් ඉවත්ව අභයගිරියේ පදිංචි වූහ. මෙම සිදුවීම ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ඉතා තීරණාත්මක එකක්‌ වූ අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සංඝ භේදය ලෙස ඉතිහාසයට එකතු වී තිබේ.

මෙම ඓතිහාසික සිදුවීමෙන් පසුව අභයගිරි විහාරය වඩාත් ස්‌වාධීනව සහ වේගවත්ව වර්ධනය විය. නිකාය සංග්‍රහයේ එය මෙසේ සඳහන් වේ. 'එකල හෙතෙම (බහලමළු තිස්‌ස)... ථේරිය නිකායෙන් භින්නව අභයගිරි වෙහෙර ගොස්‌ වසනුයේ, වඡ්ජිපුත්‍ර නිකායෙහි ධර්මරුචි නම් ආචාරින්ගේ ශිෂ්‍යයන් දඹදිව පල්ලරාරාම නම් විහාරයෙන් මෙරටට අවුත් තමා කරා වන් කල්හි ඔවුන්ගේ සමය කැමතිව ඔවුන් හා එක්‌ව ධර්මරුචි නම් ආචාරීව විසීය. එතැන් පටන් අභයගිරි වාසීහු ධර්මරුචි නිකාය නම් වූහ.'

මහායාන අදහස්‌ ඇතුළු වුවද අභයගිරි විහාරයේ එය පමණක්‌ නොව, ථෙරවාදය ඇතුළු විවිධ ආගම් සහ දර්ශනවාද, වෛද්‍යකර්මය, ජ්‍යෙdතිෂය වැනි විද්‍යාවන්, වාපී, ලෝහ, සායම් තැනීම ඇතුළු කර්මාන්ත ආදී පුළුල් පරාසයක විෂයයන් උගන්වා තිබෙන බව මෑතක දී සිදුකළ පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු වී තිබේ. විචාරශීලී සහ විවෘත බවකින් අධ්‍යයන කටයුතු සිදු කිරීම නිසා, අනුරාධපුරයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්‍රකට විද්‍යායතනයක්‌ බවට පත් වී තිබේ. ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ, සමකාලීන බෞද්ධ රටවල් වූ දකුණු ඉන්දියාව, චීනය, කාශ්මීරය, ජාවා ආදී රටවල් සමඟ සමීප සම්බන්ධතාවකින් අභයගිරිය කටයුතු කර තිබෙන බවයි. ලංකා විශ්වවිද්‍යාලයේ, ලංකා ඉතිහාසයේ දැක්‌වෙන අන්දමට පස්‌වැනි සියවසේ දී චීන භික්‍ෂුණීන්ට නිවැරදි උපසම්පදාව ලබාදීමට මූලික වී ඇත්තේ අභයගිරියේ මෙහෙණි ආරාමයක වැඩ විසූ සිංහල භික්‍ෂුණීන් වහන්සේලා පිරිසකි. එහි ගිය ඔවුන්ගේ ගණපුරණය මදිවීම නිසා නැවත වරක්‌ "තිසාර", (තිව්-සො-රා) නම් භික්‍ෂුණියකගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්‌ඩායමක්‌ චීනයට වැඩම කර තිබෙන බව, පී.-චියු-නි-චුත් නම් ඉපැරණි චීන ග්‍රන්ථයක සඳහන් වන බව මහාචාර්ය කුලතුංග පෙන්වා දෙයි. පස්‌වැනි සියවසේදීම යසගුප්ත සහ බුද්ධ නන්දි ඇතුළු භික්‍ෂුන් වහන්සේලා පස්‌ නමක්‌ බුදුපිළිම සහ පාත්‍රා ධාතුවේ චිත්‍රයක්‌ රැගෙන චීනයට වැඩම කළ බව චීන මූලාශ්‍රවල සඳහන් වේ.

අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්‍රකට විද්‍යායතනයක්‌ බවට පත් වී තිබේ. පස්‌වැනි කාශ්‍යප (ක්‍රි.ව. 914 - 923) සහ හතරවැනි මහින්ද (ක්‍රි.ව. 956 - 972) යන රජවරුන්ගේ ශිලා ලිපිවලින් හෙළිවෙන්නේ මනා ලෙස සංවිධානය වූ මූලායතන සතරකින් එකල අභයගිරිය සමන්විත වී තිබූ බවය. උත්තර මුළ, වහදු මූළ, කපාර මූළ සහ මහනෙත් පාමුළ එම මූලායතන විය. පස්‌වැනි සියවසේ දී භික්‍ෂුන් වහන්සේලා, පන්දහසක්‌ අභයගිරියේ වැඩ සිටි බව පාහියන් හිමියෝ සඳහන් කරති. කැණීම් මගින් පාදා තහවුරු කරගෙන ඇති අභයගිරි දාන ශාලාවේ ඇති සෙල්මුවා බත් ඔරුව, පන් දහසකට බත් දැමිය හැකි ධාරිතාවකින් යුක්‌ත බව ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පෙන්වා දී තිබේ.

සිරිමේඝවණ්‌න රජතුමාගේ (ක්‍රි.ව. 303 - 331) කාලයේ දී මෙරටට වැඩමකරවන ලද දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය අභයගිරි විහාරයට පැවරී තිබූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම පාත්‍රා ධාතුව ද අභයගිරියේ තිබූ බව සැලකෙන අතර, එය අභයගිරි දාගැබේ නිදන් කර තිබෙන බවට ද විශ්වාසයක්‌ පවතී. අනුරාධපුර ඇතුළු නුවර ධම්මචක්‌ක පහයේ (දළදා මාලිගාවේ) වඩා හිඳුවා තිබූ දළදා වහන්සේ, වසරකට වරක්‌ ඉතා දර්ශනීය මහ පෙරහැරකින් අභයගිරියට වැඩමවන ආකාරය තමා දුටු බව µdහියන් හිමි සඳහන් කර තිබේ. වර්තමානයේ පවා අනුරාධපුර වාර්ෂික දළදා පෙරහැර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලින් ආරම්භ වී ධම්මචක්‌ක ගෘහයට පිවිස පූජා පවත්වා, අභයගිරි විහාරයට ගෙවදින බව සැලකිය යුතුය.

වංශකතා විමසිලිමත් ලෙස අධ්‍යයනය කරන විට, අනුරාධපුර යුගයේ දී රජවරු, මහාවිහාරයට මෙන්ම අභයගිරියට ද සිය නොමඳ රාජානුග්‍රහය ලබා දී තිබෙන බව පෙනේ. එසේ වුවද මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 - 303) සංඝමිත්‍ර නම් භික්‍ෂුන් වහන්සේ නමකගේ බස අදහමින්, මහාවිහාරයට මහත් ලෙස පීඩා සිදුකර තිබේ. මේ රජතුමා මහාවිහාරයට සිව්පසය පිදීම තහනම් කිරීම නිසා බෙහෙවින් අසරණ වූ මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා, දිවි රැක ගැනීම පිණිස රටේ දකුණු දිගට වැඩම කර තිබේ. භික්‍ෂුන් වහන්සේලාගෙන් හිස්‌වූ මහාවිහාරයේ ගොඩනැඟිලි කඩා බිඳ එහි කොටස්‌ අභයගිරියේ නව ගොඩනැඟිලි තැනීමට ගෙනගිය රජතුමා, මහාවිහාර භූමිය සී සා උඳු වැපිරූ බව වංශකතාවල සඳහන් වේ. මහසෙන් රජතුමාට පසුව රජ පැමිණි ඔහුගේ පුත්‍ර සිරි මේඝවණ්‌න රජතුමා, මේ විනාශය වහා නිවැරදි කරවා, මහාවිහාරය යළි ගොඩනංවා තිබේ. එසේ උපරිම රාජානුග්‍රහය තමන්ට ලැබුණද, කිසි විටෙකත්, මහාවිහාරයේ භික්‍ෂුන් වහන්සේලා අභයගිරියට කවර ආකාරයක දොaෂාරෝපණයක්‌ හෝ කර නැත. එමෙන්ම, තමන්ට කොතරම් රාජානුග්‍රහය ලැබුණද අභයගිරි විහාරයේ භික්‍ෂුන් වහන්සේලා ද මහාවිහාරයට කිසිවිටෙකත් විරුද්ධකම් කර නැති බව සැලකිය යුතුය. මෙය වූ කලී දෙමඟක්‌ ගත්තේ වී නමුදු, ඔවුන්ගේ ප්‍රධාන මූලය වූ නිර්මල බුදු දහමින් ඔවුන් ලද පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක්‌ බව සැලකිය යුතුය. මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා නිර්මල ථෙරවාදී බුදු දහම අනුව යමින් සිය විමුක්‌තිය පතා කටයුතු කරද්දී, අභයගිරිය මහායානය ඇතුළු අනෙකුත් විද්‍යාවන්ද හදාරමින් වඩාත් ප්‍රායෝගික මාර්ගයකට නැඹුරු වී තිබෙන බව මෙයින් පෙනේ. සමාධි පිළිමය, සඳකඩපහන, මුරගල වැනි ලෝකප්‍රකට විශිෂ්ට කලා කෘති රැසක්‌ම අභයගිරිය වෙතින් ලෝකයට දායාද වීම එහි ප්‍රතිඵලයකි.

පූජනීයත්වයෙන් අගතැන් ගනිමින්ද, ලෝකයේ කීර්තිමත් විද්‍යායතනයක්‌ ලෙස වැජඹෙමින් ද පැවැති අභයගිරිය හෙවත් උත්තරාරාමය, 11 වැනි පියවසේ දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟම ගන වනයෙන් වැසී නටබුන් විය. අවසන් වරට මේ මහා දාගැබ ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ 12 වැනි සියවසේ දී මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186) විසිනි. එතැන් පටන් අලි, කොටි, වළසුන්ගේ කෙළිබිමක්‌ව පැවැති අභයගිරි දාගැබ 19 වැනි සියවසේ අග භාගයේදී, පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල් සහ වාස්‌තු විද්‍යාඥ ඡේ. ඒ. ස්‌මිදර් මහත්වරුන්ගේ ගවේෂණ නිසා යළි ලොවට හෙළිපෙහෙළිවීම ඇරඹිනි. ඉන්පසුව 1909 වසරේ දී නැවත අනුරාධපුර මහාවිහාරයේ, අටමස්‌ථානයට නිල වශයෙන්ම ඇතුළත් කළ අභයගිරිය, යුනෙස්‌කෝ සංවිධානයේ ආධාර සහිතව සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ, මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් සංරක්‍ෂණය කිරීම ඇරඹුණේ, 1981.10.03 වැනි දිනදීය. එතැන් සිට පුරා වසර 34 ක්‌ තිස්‌සේ කළ සංරක්‍ෂණ කටයුතු නිමවා අභයගිරිය නම් වූ පූජනීය ලෝක උරුමය ශ්‍රී ලංකා ජනපති තුමන්ගේ සහභාගිත්වයෙන් ඇසළ පුන් පොහෝදින (2015.07.31) බෞද්ධ ලෝකය ප්‍රධාන සමස්‌ත මානව වර්ගයාටම යළි තිළිණ කෙරේ.
***

Special Post | Media Bureau ©2015/7

















Monday, July 6, 2015

අස්ගිරි මහා නාහිමි - අනු නාහිමි අක්තපත්‍ර ප්‍රදානය


අස්ගිරි මහා නාහිමි - අනු නාහිමි අක්තපත්‍ර ප්‍රදානය 1:30 ප.ව සිට 4:30 ප.ව දක්වා ශ්‍රී දළදා මාළිගා‍‍වේ ‍‍ඓතිහාසික මගුල් මඩු‍වේ දී පැ‍‍වැත්වේ
Posted by SDM Webcast on Sunday, July 5, 2015

Video Gallery