Sri Dalada Maligawa

Sri Dalada Maligawa

Translate

Sri Dalada Maligawa (Temple of Sacred Tooth Relic).)


සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කිරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිත්‍රත්වය වඩාත් අසිරිමත් කරවයි.

පැරණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක පමණ උසින් පිහිටියේය. කොළඹ සිට කි.මී. 119 ක් පමණ දුරය. සෞම්‍ය දේශගුණයෙන් හා රමණීය පරිසරයකින් හෙබි මෙම නගරය කෘෂිකාර්මික ජීවිතයට අවශ්‍ය ජලයෙන් ද ස්වභාවික රැකවරණයෙන්ද යුක්තය.

සෙංකඩගලපුරය මුලින්ම ගම්පළ රජ කළ තුන්වෙනි වික්‍රමබාහු (ක්‍රි.ව.1357-1374) රජු විසින් පිහටවුවායැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවෙනි විමලධර්මසුරිය (ක්‍රි.ව. 1592-1604) රජතුමා විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798 – 1815) රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදා විය.

මහනුවර නගරයේ පුජනීයත්වය ශ්‍රී විභුතිය හා ඓතිහාසිකත්වය මුලු ලොවටම කියාපාන අතිපුජනීය ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, නාථ, විෂ්ණු. කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල, රාජ මාලිගා සංකීර්ණය වැනි ස්මාරක මුල්කොට ලෝක උරුම නගරයක් බවට පත්විය. මහනුවර නගරය අවට ඇති අනෙකුත් ඓතිහාසික ස්මාරක අතර, ලංකාතිලකය, ගඩලාදෙණිය, ගංගාරාමය, සුදුහුම්පොල, දෙගල්දොරුව හා කුණ්ඩසාලේ යන විහාරයන් මුල්තැන් ගනී.

උඩරටටම ආවේණික වු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනුන වු ඉපැරණි ගොඩනැගිලි, විසිතුරු කැටයම්, සිතුවම් නර්තනාදී කලා ශිල්ප මෙම නගරයේ සංස්කෘතික මහාර්ඝත්වය ලොවටම කියා පාන්නේය.




Kandy (Ancient Senkadagala) is the last capital of the Sinhala Monarchy the History of which goes back to at least five centuries before the beginning of the Common Era. The city is surrounded by a ring of mountain ranges and Sri Lanka’s largest river Mahaweli Ganga.Kandy enjoys a salubrious climate and still breathes the ancient lifestyle of the people.

Today, Kandy is a city of many attractions. Its natural beauty with misty mountains, verdant slopes, landscapes with urban rain forests consorted by a congenial climate with temperatures ranging from 20-25C around the year.

The heritage of Kandy, Architecture, Sculpture, painting, Dance and Music, all such cultural traditions are endemic to Sri Lanka.Kandy remains the home for all denominations of major world religions. Buddhism, Hinduism, Christianity, Islam and there subdivisions. Buddhism plays a significant role in Kandy with the two main Monastic orders, Malwatte and Asgiriya fraternities together with numerous temples of the Country attached to them.

The Temple of the Scared Tooth Relic constitutes the premier Buddhist Institution of Sri Lanka and remains the cynosure of the world Buddhist and is a great tourist attraction. It is the highest venerated religious center with a very long cultural heritage. And recognition of the sacred temple it has been declared Kandy as a World Heritage City by UNESCO.

The annual pageant (Esala Perahera) constitutes the greatest religious festival of Sri Lanka which attract thousands of pilgrims as well as tourists from all over the world. The web site on the Sri Dalada maligawa attempts to introduce all its aspects of history, rituals, cultural and other social activities


Friday, July 7, 2017

ඇසළ පුර පසළොස්වක් පොහොය අදයි..
සකල ලෝ වැසියනගේ හිතසුව පිණිස හතළිස් පස් වසරක බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ කළ ඇසළ පුර පසළොස්වක් පොහොය දිනය අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතයට අදාළ සුවිශේෂි සිද්ධි හා බැඳී පවතී. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ,නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් යන පොහොය දොළස ආශි‍්‍රත කිසියම් වැදගත් සිද්ධිරාශියක් බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සමඟ බැඳී ඇත.
මෙම පොහොය දොළස අතුරින් දක්නට ලැබෙන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙන ය.
සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ය. එදා ඉන්දීය සමාජය විවිධ ආගම් හා දර්ශන දෙසැටකින් යුක්ත විය. සිදුහත් කුමරුන් විමුක්තිය සොයා ගිය ගමනේ දී අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත
දෙකෙහි ගැලී සිටීමට සිදුවිය.
එහෙත් සසරෙන් එගොඩවීමේ ආර්ය මාර්ගය ඉන් පසක්කරගන්නට නොහැකි විය. ඉන් අනතුරුව බෝමුල දී අවබෝධ කරගත් ධර්මය සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා
වායාම, සම්මා සති, සම්මා සමාධි නමැති මැදුම් පිළිවෙත දේශනා කරන ලද්දේ අද වැනි
දිනකය.
මේ මඟින් හේතු ඵල වාදය මුල්කොට මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ වන දිනය ලෙස මෙය හැඳින්වේ. එකී උත්තරීතර දම්සක් පැවතුම් සුතුර, දෙසා වදාළේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග මහනුන්ටය. ධම්මචක්ක
පවත්න සූත්‍රයෙහි ඇතුළත් ගාථා දහ අට මගින් දුකත්, දුකට හේතුවත්, නිවනත්, එය
ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ සේක.
බොසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දින දී ය. එකුත් තිස්වියේ දී, සතර පෙර නිමිති, (ලෙඩක්, මහල්ලෙක්, මළමිනියක් හා ශ්‍රමණ රුවක්) දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්,ගිහිගෙය අතහැර, යශෝදරා දේවිය ද, රාහුල පුතු ද මාලිගාවේ තනිකොට, සසරෙන්මිදීම සඳහා සත්‍යය ගවේෂණය කොට නිවන් මග හෙළි කරගන්නට රජගෙදරට “ආයුබෝවන්” කියමින් “මහා අභිනිෂ්ක්‍රමණය” කරන ලද්දේ ද ඇසළ පුන් පෝය දිනයකදීය. රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ මේ දිනයේදීම ය.
ඇතැම් අයගේ දක්නට ලැබුණු පුහු මාන්නය බිඳ දැමීම උදෙසා ගෞතම බුදුන් වහන්සේ විස්මිත යමාමහ පෙළහර දැක්වූහ. ගණ්ඩම්බ රුක්ඛ මූලයේ දී තිර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා, අහසට වැඩ තම සිරුරින් රැස්විහිදුවමින් හා ජලය විහිදුවමින්යමාමහ පෙළහර පෑම සිදුකරන ලද්දේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී ය.
සත්වන වස් සමය ගත කරන්නට තව්තිසා, දිව්‍ය ලෝකයට වැඩම කළ බුදුන්වහන්සේ,මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම් බණ වදාළේත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතුන් වහන්සේලා එක්ව, අජාසත් රජ සමයේ දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද, ඇසළ පුන් පොහොය දිනයකදී ය.
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් ප්‍රථම “ඛණ්ඩ සීමාව“ සම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්‍රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනයකදී ය.
මිස්සක පව්ව ඇසුරෙන් තවත් වැදගත් සිද්ධි දෙකක් ඇසළ පුර පසළොස්වක දිනවලදී සිදුවිය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යය වටා “ අටසැට ලෙන රහතන් වහන්සේලාට පූජාකිරීමත්, ශ්‍රී ලංකාවේ දී භික්‍ෂූන් වහන්සේ ප්‍රථම වරට වස්වැසීමත්, ඇසළ පෝය
දිනෙක සිදුවුණු බව සඳහන් ය.සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද ස්වර්ණමාලි මහා
චෛත්‍යයට මුල්ගල තබන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී ය. ඒ, බුද්ධ වර්ෂ 382 දී ය. තවද, උතුරු සළ නැකතින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය ද සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී ය.
ශ්‍රී ලංකාවේ 55 වන රජතුමා වූ කිත්සිරිමෙවන් රජු බුද්ධ වර්ෂ 845 දී නැතහොත් ක්‍රිස්තු වර්ෂ 361 දී අභිෂේක ලැබීය. මහා වංශය පවසන අන්දමට “ඒ රජු දවස නව වන වස එක්තරා, බැමිණියක් තොමෝ බුදුරජහු දළදාව කළිගුරටින් මෙහි ගෙන්වා දළදා වසකී පරිද්දෙන් රජතෙමේ ඒ ගෙන බහුමානයෙන් උදම් පුදකොට හුදු පිළිමිණින් කළ කරඬුවක බහා දෙවපෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ඒ ගෙය දාඨධාතුඝර නොහොත්, දළදා මැදුර නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජතෙමේ නව ලක්‍ෂයක් ධන විසඳා දළදා පෙළහර කළේ ය.
අද සිරිලක පවත්වන මහා සංස්කෘතික සංදර්ශනය වන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයක දී ය.කළිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් දන්ත ධාතූන් වහන්සේ සිරිලකට ගෙන ආ බව පැවසේ. දළදා පෙරහර, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය ලොවට කියා පාන්නකි. නාථ, ස්කන්ධ, කුමාර පත්තිනි ආදි දෙවියන් උදෙසා පුද පූජා පවත්වා, දේව වරප්‍රසාද ලබාගෙන, ශ්‍රී සමෘද්ධිය අයත් කරගන්නට අතීතයේ පටන් මහනුවරට අමතරව කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව,
රත්නපුරය, දෙවුන්දර හා කතරගම ආදී ස්ථානවල වාර්ෂික ඇසළ පෙරහර අදත්පැවැත්වේ.
ලක්දිවට උපසම්පදාව ගෙන ඒම, ශ්‍රී ලංකාවේ 186 වැනි රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී සිදු විය. ඒ බුද්ධ වර්ෂ 2290 දී ය. සියම් රට, අයෝධ්‍ය පුරයේ ධාර්මික නම්රජතුමාගේ යුගයේ දී, මල්වත්තේ පුෂ්පාරාමයට සියමෙන් වැඩම කළ උපාලි, අරිය, මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට, බුද්ධ වර්ෂ දෙදහස්දෙසිය අනුහය වැන්නෙහි ඇසළ පුර පසළොස්වක පෝය දිනයේ දී සිරිලක සාමණේර
හිමිවරුහට උපසම්පදාව ලබා දුන්සේක.









Post a Comment

Video Gallery