Sri Dalada Maligawa

Sri Dalada Maligawa

Translate

Sri Dalada Maligawa (Temple of Sacred Tooth Relic).)


සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කිරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිත්‍රත්වය වඩාත් අසිරිමත් කරවයි.

පැරණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක පමණ උසින් පිහිටියේය. කොළඹ සිට කි.මී. 119 ක් පමණ දුරය. සෞම්‍ය දේශගුණයෙන් හා රමණීය පරිසරයකින් හෙබි මෙම නගරය කෘෂිකාර්මික ජීවිතයට අවශ්‍ය ජලයෙන් ද ස්වභාවික රැකවරණයෙන්ද යුක්තය.

සෙංකඩගලපුරය මුලින්ම ගම්පළ රජ කළ තුන්වෙනි වික්‍රමබාහු (ක්‍රි.ව.1357-1374) රජු විසින් පිහටවුවායැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවෙනි විමලධර්මසුරිය (ක්‍රි.ව. 1592-1604) රජතුමා විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798 – 1815) රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදා විය.

මහනුවර නගරයේ පුජනීයත්වය ශ්‍රී විභුතිය හා ඓතිහාසිකත්වය මුලු ලොවටම කියාපාන අතිපුජනීය ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, නාථ, විෂ්ණු. කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල, රාජ මාලිගා සංකීර්ණය වැනි ස්මාරක මුල්කොට ලෝක උරුම නගරයක් බවට පත්විය. මහනුවර නගරය අවට ඇති අනෙකුත් ඓතිහාසික ස්මාරක අතර, ලංකාතිලකය, ගඩලාදෙණිය, ගංගාරාමය, සුදුහුම්පොල, දෙගල්දොරුව හා කුණ්ඩසාලේ යන විහාරයන් මුල්තැන් ගනී.

උඩරටටම ආවේණික වු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනුන වු ඉපැරණි ගොඩනැගිලි, විසිතුරු කැටයම්, සිතුවම් නර්තනාදී කලා ශිල්ප මෙම නගරයේ සංස්කෘතික මහාර්ඝත්වය ලොවටම කියා පාන්නේය.




Kandy (Ancient Senkadagala) is the last capital of the Sinhala Monarchy the History of which goes back to at least five centuries before the beginning of the Common Era. The city is surrounded by a ring of mountain ranges and Sri Lanka’s largest river Mahaweli Ganga.Kandy enjoys a salubrious climate and still breathes the ancient lifestyle of the people.

Today, Kandy is a city of many attractions. Its natural beauty with misty mountains, verdant slopes, landscapes with urban rain forests consorted by a congenial climate with temperatures ranging from 20-25C around the year.

The heritage of Kandy, Architecture, Sculpture, painting, Dance and Music, all such cultural traditions are endemic to Sri Lanka.Kandy remains the home for all denominations of major world religions. Buddhism, Hinduism, Christianity, Islam and there subdivisions. Buddhism plays a significant role in Kandy with the two main Monastic orders, Malwatte and Asgiriya fraternities together with numerous temples of the Country attached to them.

The Temple of the Scared Tooth Relic constitutes the premier Buddhist Institution of Sri Lanka and remains the cynosure of the world Buddhist and is a great tourist attraction. It is the highest venerated religious center with a very long cultural heritage. And recognition of the sacred temple it has been declared Kandy as a World Heritage City by UNESCO.

The annual pageant (Esala Perahera) constitutes the greatest religious festival of Sri Lanka which attract thousands of pilgrims as well as tourists from all over the world. The web site on the Sri Dalada maligawa attempts to introduce all its aspects of history, rituals, cultural and other social activities


Thursday, July 30, 2015

25 වසරක සංරක්ෂණ කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්ය.රාජාණන්.

25 වසරක සංරක්ෂණ  කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්‍යරාජාණන්.
වසර අටසියයකට පමණ කාලයකට පසු දෙස් විදෙස් බැතිමතුන්ගේ ද ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණ කටයුතු සිදුකර හෙට දින බැතිමතුන් උදෙසා විවෘත කරන අනුරාධපුර අභයගිරිය පිළිබද සටහනක්..
--------------------------------------------------------------------------------------------------------------------------------------------------

වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් වී මාස පහක්‌ ගතවෙත්ම, රුහුණේ 'නකුල නගර' නම් ප්‍රදේශයක විසූ 'තිස්‌ස්‌ නම් බමුණෙකු රජකුමාට විරුද්ධව කැරලි ගැසුවේය. ඒ අවධියේම දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන් සත් දෙනෙකු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය. ඒ අතුරෙන් වදාමහ නම් වූ ආක්‍රමණිකයා රජතුමාගේ ප්‍රාණ සම බිසව වූ සෝමා දේවිය ද තවකෙකු පාත්‍රා ධාතුව ද රැගෙන යළි ඉන්දියාවට ගියේය. රජතුමා දිවි බේරාගෙන මලය රටට පලා ගොස්‌ සැඟවී ඇති දුෂ්කර ජීවිතයක්‌ ගත කරමින් සේනා සංවිධානය කළේය. මේ කාලයේ දීම 'බැමිණිටියා' සාය නමින් බියකරු නියඟයකට රට ගොදුරු විය. බඩගින්නෙන් වියරු වැටුණු මිනිසුන් මෙකල මිනීමස්‌ පවා අනුභව කළ බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. මේ සියලු ව්‍යසන මැද, එකිනෙකා ඝාතනය කරමින් තුදුස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට පාලනය කළ පුලහත්ථි, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතරින් අවසානයට සිටි දාඨිය විනාශ කර වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් විය.

වළගම්බා රජතුමා සතුරන්ගෙන් බේරී පලා යන මොහොතේ එක්‌ අසපුවක සිටි 'ගිරි' නම් නිගණ්‌ඨයකු 'මහ කලු සිංහලයා පලා යයි' යනුවෙන් හඬ නගා පැවසීය. ඔහු එසේ කළේ සතුරන්ට රජු ගැන ඔත්තුවක්‌ ලබා දීම පිණිසය. මේ බස මතක තබාගත්a වළගම්බා රජතුමා, තමා රාජ්‍යත්වයට පත් වූ පසු එම ගිරි නිගණ්‌ඨයාගේ අසපුව විනාශ කර එම ස්‌ථානයේ මහා දාගැබක්‌ ඉදිකළේය. තමාගේ නමින් 'අභය' කොටසත් නිගණ්‌ඨයාගේ නමින් 'ගිරි' කොටසත් එකතු කර 'අභයගිරි' නමින් එම දාගැබ නම් කළ බව මහාවංශයේ සඳහන් වේ. එසේ වූ වෙස්‌සගිරි, මේඝගිරි මෙන්ම ෙච්තියගිරි ආදී නම්වලින් හැඳින්වෙන්නේ පර්වත ආශ්‍රයෙන් ඉදිකළ විහාර වේ. ඒ අනුව, දීගපාෂාණය නමින් ප්‍රකට විශාල පරිවත භූමිය ආශ්‍රිතව ගොඩනැඟූ විහාරය, "අභයගිරි" විය හැකි බව මහාචාර්ය කුලතුංග මහතා පෙන්වා දී තිබේ.

අභයගිරි විහාරය පිහිටා ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට උතුරෙනි. එබැවින් අභයගිරි විහාරය 'උත්තුර විහාරය, උතුපොළ විහාර' ආදී නම්වලින් ද හඳුන්වා තිබේ. එමෙන්ම වංසත්ථප්පකාසිනියෙහි සඳහන් වන්නේ, වළගම්බා රජතුමාගේ සොහොයුරා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර අවසානයේ දිවිනසා ගත්, අභය සහ උත්තර යන කුමාරුවරුන් දෙදනා සිහිවීම පිණිස ඔවුන්ගේ ඥතීන් විසින් මෙම ස්‌ථානයේ 'අග්ගිප්පවෙසික' නමින් දාගැබක්‌ සෑදූ බවයි. ගජබාහු රජතුමා මේ දාගැබ විශාල කර 'අභ්‍යත්තර' නාමය තබා තිබේ.

ශ්‍රී ලංකාවේ වෙනත් දාගැබ්වල මෙන්, අභයගිරි දාගැබේ නිදන් කළ ධාතු පිළිබඳ පැහැදිලි තොරතුරක්‌ හමු නොවේ. එහෙත් පස්‌ වැනිසියවසේ ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික µdහියන් භික්‍ෂුව, සිය දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ලකුණ මත අභයගිරි දාගැබ ඉදිකර තිබෙන බවය. පාලි මහා බෝධිවංශයේ සඳහන් වී ඇත්තේ, සිව් බුදුවරයන් වහන්සේලා, ශ්‍රී ලංකාද්වීපයට වැඩමකර, යළි දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගුණු ස්‌ථානවල පාදලාංඡන ස්‌තූප ඉදිකර තිබෙන බවය. ඒ අතරින් ගෞතම බුදුරජාණන් වහන්සේ, සිය තෙවැනි ලංකාගමනයේදී දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගී ඇත්තේ මතු ඇතිවන ශිලා ෙච්තිය නම් ස්‌ථානයෙන් බව, බෝධිවංශ ග්‍රන්ථපද විවරණයේ සඳහන් වේ. මේ ශිලා, ෙච්තිය කුමක්‌ද යන්න, දීපවංශ පාඨය ඇසුරෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දෙන්නේ 'අභයගිරි විහාරය සහ එම චෛත්‍ය අභ්‍යන්තරයෙහි පිහිටි සිලාථූපය හෙතෙම කරවීය' යනුවෙනි. මෙම විශ්වාසය තහවුරු කරන, ඉතා දුර්ලභ සිරිපතුල් ලාංඡනයක්‌, අභයගිරි දාගැබ් මළුවේ තිබී හමුවී ඇති බව මහාචාර්ය කුලතුංග පවසයි. එකී සිරිපතුල් ලාංඡනය නෙළා ඇත්තේ, සාමාන්‍යයෙන් අප නිතරම දකින, ගලෙන් ඉහළට මතුකෙරෙන උත්තලාකාර ස්‌වභාවයෙන් නොවේ. බුරුල් පසෙහි පා තැබූ විට එහි ගැඹුරට සටහන් වන පා සලකුණක්‌ ආකාරයෙනි.

අභයගිරි දාගැබ නමදින සුප්‍රකට ගාථාවේ සඳහන් වෙන්නේ, රනින් කළ වෘෂභයෙකුගේ කුසෙහි සර්වඥ ධාතු තැන්පත් කර එය, අභයගිරි දාගැබේ නිදන් කර ඇති බවය. අභයගිරි දාගැබේ මෑතකදී කළ කැණීම්වලින්, එහි නැගෙනහිර වාහල්කඩේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතු හමුවී තිබේ. මැටි කරඬුවක්‌ තුළ වූ රමණීය රන් කරඬුවක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණි. එය පොළොන්නරුවේ රජ කළ කල්‍යානවතී රැජිණගේ පූජාවක්‌ ලෙස සැලකේ.

මේ අනුව පූජනීයත්වයෙන් අනෙක්‌ දාගැබ්වලට වඩා පැහැදිලිවම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා අභයගිරි දාගැබ ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දාගැබ ද වේ. එය, පුරාණ ලෝකයේ මිනිස්‌ අතකින් ඉදිකළ ගොඩනැඟිලි අතර විශාලත්වයෙන් සතරවැනි ස්‌ථානය ගනී. ඉදිකළ අවධියේ මේ මහා දැගැබේ උස රියන් 120 ක්‌ හෙවත් අඩි 400 ක්‌ පමණ වූ බව විද්වතුන් විශ්වාස කරයි. 12 වැනි සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා කළ අවසාන ප්‍රතිසංස්‌කරණවල දී එහි උස අඩි 280 ක්‌ වී තිබේ. එක්‌ පැත්තක්‌ අඩි 585 ක්‌ දිගැති සමචතුරාශ්‍රාකාර සලපතල මළුවේ විශාලත්වය අක්‌කර අටකි. මේ අනුව ලෝකයේ දාගැබක්‌ සතු විශාලතම සලපතළ මළුව අභයගිරි දාගැබට හිමි වී තිබේ. වැලි මළුව ද සහිතව අභයගිරි චෛත්‍ය අංගණය විශාලත්වයෙන් අක්‌කර 14 ඉක්‌මවයි.

මේ ආකාරයට අසමසම වූ අභයගිරිය ඉදිකළ වළගම්බා රජතුමා, එවකට මහාවිහාරයේ වැඩ විසූ 'කුපික්‌ගල තිස්‌ස්‌ නම් භික්‍ෂුන් වහන්aසේට එය පූජා කර තිබේ. තිස්‌ස තෙරණුවෝ වූ කලී, පරසතුරන්ගෙන් සිය මාතෘ භූමිය නිදහස්‌ කර ගැනීම පිණිස තුදුස්‌ වසරක්‌ පුරා මලය රටේ වනවැදී අප්‍රමාණ දුෂ්කරතා විඳිමින් සේනා සංවිධානය කළ අවධියේ, වළගම්බා රජතුමාට මහත් සේ උපකාර කළ භික්‍ෂුන් වහන්සේ නමකි. එසේ වුව, කවර හෝ ප්‍රතිලාභයක්‌ භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් පෞද්ගලිකව ලබා ගැනීම, නිර්මල ථේරවාදී 'මහා විහාර සම්ප්‍රදායට' පටහැනි ක්‍රියාවක්‌ විය. එහි ප්‍රතිඵලය වූයේ තිස්‌ස තෙරණුවෝ "කුලසංඝට්‌ඨව වෙහෙතියි" (ගිහියන් සමඟ අනවශ්‍ය ලෙස සම්බන්ධතා පැවැත්වීම) යන චෝදනාව මත පබ්බාජනීය කර්මය සහිතව මහාවිහාරයෙන් නෙරපා හැරීමයි. මහා විහාරයේ මෙම තීරණය නොපිළිගත්, තිස්‌ස තෙරණුවන්ගේ ශිෂ්‍යයෙකු වූ 'බහලමළු තිස්‌ස්‌ හිමියෝ, ඊට විරෝධය පාමින් විශාල භික්‍ෂු පිරිසක්‌ සහිතව මහාවිහාරයෙන් ඉවත්ව අභයගිරියේ පදිංචි වූහ. මෙම සිදුවීම ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ඉතා තීරණාත්මක එකක්‌ වූ අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සංඝ භේදය ලෙස ඉතිහාසයට එකතු වී තිබේ.

මෙම ඓතිහාසික සිදුවීමෙන් පසුව අභයගිරි විහාරය වඩාත් ස්‌වාධීනව සහ වේගවත්ව වර්ධනය විය. නිකාය සංග්‍රහයේ එය මෙසේ සඳහන් වේ. 'එකල හෙතෙම (බහලමළු තිස්‌ස)... ථේරිය නිකායෙන් භින්නව අභයගිරි වෙහෙර ගොස්‌ වසනුයේ, වඡ්ජිපුත්‍ර නිකායෙහි ධර්මරුචි නම් ආචාරින්ගේ ශිෂ්‍යයන් දඹදිව පල්ලරාරාම නම් විහාරයෙන් මෙරටට අවුත් තමා කරා වන් කල්හි ඔවුන්ගේ සමය කැමතිව ඔවුන් හා එක්‌ව ධර්මරුචි නම් ආචාරීව විසීය. එතැන් පටන් අභයගිරි වාසීහු ධර්මරුචි නිකාය නම් වූහ.'

මහායාන අදහස්‌ ඇතුළු වුවද අභයගිරි විහාරයේ එය පමණක්‌ නොව, ථෙරවාදය ඇතුළු විවිධ ආගම් සහ දර්ශනවාද, වෛද්‍යකර්මය, ජ්‍යෙdතිෂය වැනි විද්‍යාවන්, වාපී, ලෝහ, සායම් තැනීම ඇතුළු කර්මාන්ත ආදී පුළුල් පරාසයක විෂයයන් උගන්වා තිබෙන බව මෑතක දී සිදුකළ පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු වී තිබේ. විචාරශීලී සහ විවෘත බවකින් අධ්‍යයන කටයුතු සිදු කිරීම නිසා, අනුරාධපුරයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්‍රකට විද්‍යායතනයක්‌ බවට පත් වී තිබේ. ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ, සමකාලීන බෞද්ධ රටවල් වූ දකුණු ඉන්දියාව, චීනය, කාශ්මීරය, ජාවා ආදී රටවල් සමඟ සමීප සම්බන්ධතාවකින් අභයගිරිය කටයුතු කර තිබෙන බවයි. ලංකා විශ්වවිද්‍යාලයේ, ලංකා ඉතිහාසයේ දැක්‌වෙන අන්දමට පස්‌වැනි සියවසේ දී චීන භික්‍ෂුණීන්ට නිවැරදි උපසම්පදාව ලබාදීමට මූලික වී ඇත්තේ අභයගිරියේ මෙහෙණි ආරාමයක වැඩ විසූ සිංහල භික්‍ෂුණීන් වහන්සේලා පිරිසකි. එහි ගිය ඔවුන්ගේ ගණපුරණය මදිවීම නිසා නැවත වරක්‌ "තිසාර", (තිව්-සො-රා) නම් භික්‍ෂුණියකගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්‌ඩායමක්‌ චීනයට වැඩම කර තිබෙන බව, පී.-චියු-නි-චුත් නම් ඉපැරණි චීන ග්‍රන්ථයක සඳහන් වන බව මහාචාර්ය කුලතුංග පෙන්වා දෙයි. පස්‌වැනි සියවසේදීම යසගුප්ත සහ බුද්ධ නන්දි ඇතුළු භික්‍ෂුන් වහන්සේලා පස්‌ නමක්‌ බුදුපිළිම සහ පාත්‍රා ධාතුවේ චිත්‍රයක්‌ රැගෙන චීනයට වැඩම කළ බව චීන මූලාශ්‍රවල සඳහන් වේ.

අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්‍රකට විද්‍යායතනයක්‌ බවට පත් වී තිබේ. පස්‌වැනි කාශ්‍යප (ක්‍රි.ව. 914 - 923) සහ හතරවැනි මහින්ද (ක්‍රි.ව. 956 - 972) යන රජවරුන්ගේ ශිලා ලිපිවලින් හෙළිවෙන්නේ මනා ලෙස සංවිධානය වූ මූලායතන සතරකින් එකල අභයගිරිය සමන්විත වී තිබූ බවය. උත්තර මුළ, වහදු මූළ, කපාර මූළ සහ මහනෙත් පාමුළ එම මූලායතන විය. පස්‌වැනි සියවසේ දී භික්‍ෂුන් වහන්සේලා, පන්දහසක්‌ අභයගිරියේ වැඩ සිටි බව පාහියන් හිමියෝ සඳහන් කරති. කැණීම් මගින් පාදා තහවුරු කරගෙන ඇති අභයගිරි දාන ශාලාවේ ඇති සෙල්මුවා බත් ඔරුව, පන් දහසකට බත් දැමිය හැකි ධාරිතාවකින් යුක්‌ත බව ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පෙන්වා දී තිබේ.

සිරිමේඝවණ්‌න රජතුමාගේ (ක්‍රි.ව. 303 - 331) කාලයේ දී මෙරටට වැඩමකරවන ලද දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය අභයගිරි විහාරයට පැවරී තිබූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම පාත්‍රා ධාතුව ද අභයගිරියේ තිබූ බව සැලකෙන අතර, එය අභයගිරි දාගැබේ නිදන් කර තිබෙන බවට ද විශ්වාසයක්‌ පවතී. අනුරාධපුර ඇතුළු නුවර ධම්මචක්‌ක පහයේ (දළදා මාලිගාවේ) වඩා හිඳුවා තිබූ දළදා වහන්සේ, වසරකට වරක්‌ ඉතා දර්ශනීය මහ පෙරහැරකින් අභයගිරියට වැඩමවන ආකාරය තමා දුටු බව µdහියන් හිමි සඳහන් කර තිබේ. වර්තමානයේ පවා අනුරාධපුර වාර්ෂික දළදා පෙරහැර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලින් ආරම්භ වී ධම්මචක්‌ක ගෘහයට පිවිස පූජා පවත්වා, අභයගිරි විහාරයට ගෙවදින බව සැලකිය යුතුය.

වංශකතා විමසිලිමත් ලෙස අධ්‍යයනය කරන විට, අනුරාධපුර යුගයේ දී රජවරු, මහාවිහාරයට මෙන්ම අභයගිරියට ද සිය නොමඳ රාජානුග්‍රහය ලබා දී තිබෙන බව පෙනේ. එසේ වුවද මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 - 303) සංඝමිත්‍ර නම් භික්‍ෂුන් වහන්සේ නමකගේ බස අදහමින්, මහාවිහාරයට මහත් ලෙස පීඩා සිදුකර තිබේ. මේ රජතුමා මහාවිහාරයට සිව්පසය පිදීම තහනම් කිරීම නිසා බෙහෙවින් අසරණ වූ මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා, දිවි රැක ගැනීම පිණිස රටේ දකුණු දිගට වැඩම කර තිබේ. භික්‍ෂුන් වහන්සේලාගෙන් හිස්‌වූ මහාවිහාරයේ ගොඩනැඟිලි කඩා බිඳ එහි කොටස්‌ අභයගිරියේ නව ගොඩනැඟිලි තැනීමට ගෙනගිය රජතුමා, මහාවිහාර භූමිය සී සා උඳු වැපිරූ බව වංශකතාවල සඳහන් වේ. මහසෙන් රජතුමාට පසුව රජ පැමිණි ඔහුගේ පුත්‍ර සිරි මේඝවණ්‌න රජතුමා, මේ විනාශය වහා නිවැරදි කරවා, මහාවිහාරය යළි ගොඩනංවා තිබේ. එසේ උපරිම රාජානුග්‍රහය තමන්ට ලැබුණද, කිසි විටෙකත්, මහාවිහාරයේ භික්‍ෂුන් වහන්සේලා අභයගිරියට කවර ආකාරයක දොaෂාරෝපණයක්‌ හෝ කර නැත. එමෙන්ම, තමන්ට කොතරම් රාජානුග්‍රහය ලැබුණද අභයගිරි විහාරයේ භික්‍ෂුන් වහන්සේලා ද මහාවිහාරයට කිසිවිටෙකත් විරුද්ධකම් කර නැති බව සැලකිය යුතුය. මෙය වූ කලී දෙමඟක්‌ ගත්තේ වී නමුදු, ඔවුන්ගේ ප්‍රධාන මූලය වූ නිර්මල බුදු දහමින් ඔවුන් ලද පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක්‌ බව සැලකිය යුතුය. මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා නිර්මල ථෙරවාදී බුදු දහම අනුව යමින් සිය විමුක්‌තිය පතා කටයුතු කරද්දී, අභයගිරිය මහායානය ඇතුළු අනෙකුත් විද්‍යාවන්ද හදාරමින් වඩාත් ප්‍රායෝගික මාර්ගයකට නැඹුරු වී තිබෙන බව මෙයින් පෙනේ. සමාධි පිළිමය, සඳකඩපහන, මුරගල වැනි ලෝකප්‍රකට විශිෂ්ට කලා කෘති රැසක්‌ම අභයගිරිය වෙතින් ලෝකයට දායාද වීම එහි ප්‍රතිඵලයකි.

පූජනීයත්වයෙන් අගතැන් ගනිමින්ද, ලෝකයේ කීර්තිමත් විද්‍යායතනයක්‌ ලෙස වැජඹෙමින් ද පැවැති අභයගිරිය හෙවත් උත්තරාරාමය, 11 වැනි පියවසේ දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟම ගන වනයෙන් වැසී නටබුන් විය. අවසන් වරට මේ මහා දාගැබ ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ 12 වැනි සියවසේ දී මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186) විසිනි. එතැන් පටන් අලි, කොටි, වළසුන්ගේ කෙළිබිමක්‌ව පැවැති අභයගිරි දාගැබ 19 වැනි සියවසේ අග භාගයේදී, පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල් සහ වාස්‌තු විද්‍යාඥ ඡේ. ඒ. ස්‌මිදර් මහත්වරුන්ගේ ගවේෂණ නිසා යළි ලොවට හෙළිපෙහෙළිවීම ඇරඹිනි. ඉන්පසුව 1909 වසරේ දී නැවත අනුරාධපුර මහාවිහාරයේ, අටමස්‌ථානයට නිල වශයෙන්ම ඇතුළත් කළ අභයගිරිය, යුනෙස්‌කෝ සංවිධානයේ ආධාර සහිතව සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ, මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් සංරක්‍ෂණය කිරීම ඇරඹුණේ, 1981.10.03 වැනි දිනදීය. එතැන් සිට පුරා වසර 34 ක්‌ තිස්‌සේ කළ සංරක්‍ෂණ කටයුතු නිමවා අභයගිරිය නම් වූ පූජනීය ලෝක උරුමය ශ්‍රී ලංකා ජනපති තුමන්ගේ සහභාගිත්වයෙන් ඇසළ පුන් පොහෝදින (2015.07.31) බෞද්ධ ලෝකය ප්‍රධාන සමස්‌ත මානව වර්ගයාටම යළි තිළිණ කෙරේ.
***

Special Post | Media Bureau ©2015/7

















Post a Comment

Video Gallery