Sri Dalada Maligawa

Sri Dalada Maligawa

Translate

Sri Dalada Maligawa (Temple of Sacred Tooth Relic).)


සිංහලයේ අවසන් අග නගරය වු ලක්දිව කන්ද උඩරට මහනුවර හන්තාන බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසෙකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය මනහර සුවඳ මලින් නන් විසිතුරු තුරු වදුලින් ගහණය. එය දෙස් විදෙස් නරඹන්න්ගේ නෙත් සිත් පිනවන මනෝඥ වු මල් උයනකි. නගරය වට කොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කිරි සයුර නම් වු නුවර වැව නගරයේ ස්වාභාවික විචිත්‍රත්වය වඩාත් අසිරිමත් කරවයි.

පැරණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය වශයෙන් හැඳින්වු මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක පමණ උසින් පිහිටියේය. කොළඹ සිට කි.මී. 119 ක් පමණ දුරය. සෞම්‍ය දේශගුණයෙන් හා රමණීය පරිසරයකින් හෙබි මෙම නගරය කෘෂිකාර්මික ජීවිතයට අවශ්‍ය ජලයෙන් ද ස්වභාවික රැකවරණයෙන්ද යුක්තය.

සෙංකඩගලපුරය මුලින්ම ගම්පළ රජ කළ තුන්වෙනි වික්‍රමබාහු (ක්‍රි.ව.1357-1374) රජු විසින් පිහටවුවායැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවෙනි විමලධර්මසුරිය (ක්‍රි.ව. 1592-1604) රජතුමා විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798 – 1815) රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදා විය.

මහනුවර නගරයේ පුජනීයත්වය ශ්‍රී විභුතිය හා ඓතිහාසිකත්වය මුලු ලොවටම කියාපාන අතිපුජනීය ශ්‍රී දංෂ්ඨා ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, නාථ, විෂ්ණු. කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල, රාජ මාලිගා සංකීර්ණය වැනි ස්මාරක මුල්කොට ලෝක උරුම නගරයක් බවට පත්විය. මහනුවර නගරය අවට ඇති අනෙකුත් ඓතිහාසික ස්මාරක අතර, ලංකාතිලකය, ගඩලාදෙණිය, ගංගාරාමය, සුදුහුම්පොල, දෙගල්දොරුව හා කුණ්ඩසාලේ යන විහාරයන් මුල්තැන් ගනී.

උඩරටටම ආවේණික වු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනුන වු ඉපැරණි ගොඩනැගිලි, විසිතුරු කැටයම්, සිතුවම් නර්තනාදී කලා ශිල්ප මෙම නගරයේ සංස්කෘතික මහාර්ඝත්වය ලොවටම කියා පාන්නේය.




Kandy (Ancient Senkadagala) is the last capital of the Sinhala Monarchy the History of which goes back to at least five centuries before the beginning of the Common Era. The city is surrounded by a ring of mountain ranges and Sri Lanka’s largest river Mahaweli Ganga.Kandy enjoys a salubrious climate and still breathes the ancient lifestyle of the people.

Today, Kandy is a city of many attractions. Its natural beauty with misty mountains, verdant slopes, landscapes with urban rain forests consorted by a congenial climate with temperatures ranging from 20-25C around the year.

The heritage of Kandy, Architecture, Sculpture, painting, Dance and Music, all such cultural traditions are endemic to Sri Lanka.Kandy remains the home for all denominations of major world religions. Buddhism, Hinduism, Christianity, Islam and there subdivisions. Buddhism plays a significant role in Kandy with the two main Monastic orders, Malwatte and Asgiriya fraternities together with numerous temples of the Country attached to them.

The Temple of the Scared Tooth Relic constitutes the premier Buddhist Institution of Sri Lanka and remains the cynosure of the world Buddhist and is a great tourist attraction. It is the highest venerated religious center with a very long cultural heritage. And recognition of the sacred temple it has been declared Kandy as a World Heritage City by UNESCO.

The annual pageant (Esala Perahera) constitutes the greatest religious festival of Sri Lanka which attract thousands of pilgrims as well as tourists from all over the world. The web site on the Sri Dalada maligawa attempts to introduce all its aspects of history, rituals, cultural and other social activities


Sunday, March 1, 2015


වාරියපොල සිරි සුමඟුල්අනුනාහිමි 200 වැනි ගුණ සැමරුම් උළෙල ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේ දී..
-------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහතකට පෙරාතුව සිංහල කොඩිය පහත දමා ඉංග්‍රීසි ධජය එසවීම නිසා ජාත්‍යාලයෙන් ඔද වැඩුණු වාරියපොල ශ්‍රී සුමංගල නාහිමියන් ඉංග්‍රීසින්ගේ කතිර කොඩිය බිම හෙළා නැවතත් සිංහ ධජයගුවනට එස වූයේය.

මීට 200වසරකට කලින් ලක් ඉතිහාසයේ සිදු වූ එම සුවිශේෂී අවස්ථාවනැවතත් පුණරාවර්ජනය කරන වාරියපොල ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 200 වැනි ගුණ සැමරුම් උළෙල මාර්තු 2 වැනිදා පෙ.ව.8.30ට සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාව මහමළුවේ පිහිටි ශ්‍රී සුමංගල නාහිමි පිළිරුව අසලදී පැවැත්වීමට කටයුතු සංවිධානර කර තිබේ.

අස්ගිරි මහා විහාර පාර්ශවය මඟින් මෙය උළෙල සංවිධානය කරනු ලබන අතර, වාරිපොල සුමංගල නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ආරම්භ කරන මෙම උත්සවයේදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය  උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ විසින් මූලාසනයේ අනුශාසනාව පැවැත්වීමට නියමිතය.


සංගීතවේදී කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ආරාධිත දේශනය පවත්වන්නට නියමිත අතර වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි වෙනුවෙන් රචිත ගුණ සමරු ගීතයක් එදින එළි දැක්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

No comments:

Video Gallery